ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක් අලුතින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි සදහන් කරයි.
ඒ ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රටවල් තුන බවත් එම රටවල්වල ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් රැකබලා ගැනීම සඳහා තානාපති කාර්යාල වැදගත් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එම රටවල් තුන සදහා තානාපති කාර්යාල පිහිටුවීමේ වැදගත්කම ජනාධිපතිවරයාට දැනටමත් කරුණු පැහැදිලි කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම නව තානාපති කාර්යාල පිහිටුවීම සඳහා ආරම්භයේදී විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.