By unusuma.lk on
(LK time)දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන් වෙත කරනු ලබන නිවේදනය.
“දේශීය ආදායම් පනතට කරනු ලැබූ සංශෝධන සහ 2023.05.31 දින නිකුත් කරන ලද අංක: 2334/21 දරන අති විශේෂ ගැසට් නිවේදනය අනුව දෙපාර්තමේන්තුව බදු ගෙවන්නා හැදින්වීමේ අංකය (TIN) සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ ආදායම් බදු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස 2022/2023 නක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබූ 333,313 ක පුද්ගල සංඛ්‍යාව 2023/2024 තක්සේරු වර්ෂය සඳහා 868,009 ක් ලෙස වර්ධනය වී ඇත.
ව්‍යාපාරිකයින්, වෘත්තීය වේදින් වත්කම් හිමි කරගත් පුද්ගලයන් වැනි පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට ආදායම් බදු සඳහා ලියාපදිංචිය ඒ අනුව පුළුල් කර ඇත.
ලියාපදිංචි කරනු ලැබූ එම පුද්ගලයින් වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ තම ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුතු බව හා ගෙවීමක් උද්ගත වුවහොත් භාවිතා කිරීම සඳහා ගෙවීම් පත්‍රිකාවක් ද මේ වනවිට තැපැල් මඟින් යොමු කර ඇත.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000 කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000 කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කොට බදු ගෙවිය යුතුය.
එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් 1,200,000 ට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු නැති අතර, දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හැරිය හැකිය. එහෙත් තමාගේ ආදායම ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගෙන ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය.
ආදායම් බද්ද සඳහා දැනට ලියාපදිංචි කර ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම, ආදායම් මාර්ග නොමැති වීම වැනි සාධාරණ හේතුවක් මත බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම් ඒ බව සනාථ කළ හැකි ලේඛන සමඟ ළඟම පිහිටි දේශීය ආදායම් කාර්යාලය වෙත ඉල්ලීම් කිරීම මඟින් ආදායම් බදු සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රිය කර ගත හැකිය.
2024.11.30 වන දිනට ප්‍රථම මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වන 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තාව යොමු කිරීමේ පහසුකම www.lrd.gov.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකිය.
යම් පුද්ගලයකුට ආදායම් වාර්තාව මාර්ග ගන ක්‍රමය භාවිතයෙන් එවීමට අපහසුතාවයක් වේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වෙනස්වීම් කළමනා කරණ අංශය, මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේදී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට පහසුකම් සලසා ඇත.”