මැයි සිට පාසල් සිසුන්ට දීමනාවක්.!

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සදහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති බව සදහන් කරයි.

තවද ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසය තුළ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිත අතර ශිෂ්‍යත්ව මුදල්ද 2024 මැයි මස සිට ලබා දීමට නියමිතව ඇත.

එම නාමලේඛන ලද පසු අදාළ සිසුන් සදහා ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කරයි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා ඇති දරුවන් 6000ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement