අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) දින රාත්‍රියේ සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.
ඉරානයේ සහාය ලබන කණ්ඩායම් එල්ල කළ මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 06 දෙනෙක් තුවාල ලැබුවෙිය.
එයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාරය සිදුකර ඇත්තේ සිරියාවේ හසාකා ප්‍රදේශයේදීය.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සදහන් කළේ, නැගෙනහිර සිරියාවේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGG) අනුබද්ධ කණ්ඩායම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි.