එරට අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනාඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකටම ටොනාඩෝ අනතුරු ඇඟවීම පවතින බවත් මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවද වාර්තා වේ.
එක්සත් ජනපදයේ කාලගුණ විද්‍යා බලධාරීන් සදහන් කළේ, අවසන් වරට මෙවැනි අධි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ මීට වසර 10කට පෙර බවයි.
තවදුරටත් ඉදිරි පැය කිහිපය තුළ අධික වැසි, ටොනාඩෝ සහ දැඩි හානිදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා බලධාරීන් සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.