අමෙරිකාවේ ලොකුම හතුරා ඉරානය.. අනතුරු අඟවයි.!

අමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සදහන් කළේ, අමෙරිකාවට සිටින ලොකුම හතුරා ඉරානය බවයි.

ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික බලවතෙකු වීමට අමෙරිකාව ඉඩ ලබානොදෙන බවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අමෙරිකාව සුදානම් බවද අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සදහන් කළාය.

ඉරානයේ න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැලැක්වීමට හමුදා බලය යොදවන්නේ දැයි උප ජනාධිපතිනි කමලා හැරිස්ගෙන් විමසූ නමුත් ඇය කියා සිටියේ උපකල්පන ගැන සාකච්ඡා නොකරන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් (05) වැනිදා පැවැත්වෙන අතර ජනාධිපතිවරණය සදහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ කමලා හැරිස්ය.

අමෙරිකානු ජනාධිපති ධුරයට කමලා හැරිස් පත් වුවහොත් ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දක්වමින් ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.