අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා එළැඹෙන ජනාධිපතිවරණයට තරග නොකරන බව නිවේදනය කර ඇත.
සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කර ඇත්තේ, ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.
“නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.”
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළඹෙන ජනාධිපති තරඟය සඳහා ඩිමොක්රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බව නිවේදනය කර ඇත.