By unusuma.lk on
(LK time)කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Chung ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ඇමරිකානු තානාපතිවරිය උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අදාළව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඇමෙරිකානු රජය සහ මෙරට ඇමරිකානු තානාපතිවරිය වෙත සිය කෘතඥතාව පළ කළ ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරියේදීත් ඇමරිකානු රජය සහ තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බවද සදහන් කරයි.