පාසලේ වැසිකිළියට ගිය පුංචි පුතු යළි නොඑන ගමන් යයි.!

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පාසලේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නමැති 11 හැවිරිදි දරුවකු බව වාර්තා වේ.

සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් පාසල් භුමියේ රඳවා තිබූ බොක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බිත්තියකට සිරවී බරපතළ ලෙස තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහලගත කිරීමෙන් පසු අද (04) මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

අදාළ සිසුවා තම මිතුරන් දෙදෙනෙකු සමග අද පස්වරුවේ මෙසේ වැසිකිළිය වෙත යාම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබේ.

පසුව ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් එක්වී බරපතල තුවාල ලබා සිටි සිසුවා ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගිය බව සදහන්.

මරණය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close