ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් මන්ත්‍රීවරුන් පත් කරන්න සුදානම්.!

අමාත්‍ය මණ්ඩල සංශෝධනයත්, ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, මෙම අප්‍රේල් මස අවසන් වීමට පෙර සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට කාලය අවසන්ව සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනාම ඉවත් කිරීමට යන බවත්, ඇතැම්විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත නම් කිරීමට ඉඩ ඇති බවත් තවත් කිහිප දෙනෙක් අලුතින් පත් කිරීමට සුදානම් බවද වාර්තා වේ.

පොදුජන පෙරමුණ පක්ෂ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පත්ව තිබුණේ ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් පස් දෙනෙකු පොහොට්ටුවෙන්ද, අනෙක් හතර දෙනා එජාපයෙන් පත් කිරීමටයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close