කාන්තාවකට මරු කැදවු නිර්වින්දන ඖෂධය ගැන ගත් තීරණය.!

පසුගිය දා ජාතික අක්ෂි රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව මිය ගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

එම ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සියල්ලම පරීක්ෂා කිරීමට මේ වන විට ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමුකර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

එලෙස මියගිය කාන්තාවගේ හෘදය වස්තුව සීයට අසූවක් පමණ අවහිර වී තිබූ බවත් එම නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇයගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

පසුගිය (04) වනදා ජාතික අක්ෂි රෝහලේදී ශල්‍යකර්මයක් අතරතුර ලබාදුන් නිර්වින්දන එන්නතෙන් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් කොස්ගොඩ පදිංචි දෙදරු මවක් මිය ගියේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close