අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් පාසල් සිසුන් සඳහා උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
උසස් පෙළ පන්ති එළඹෙන ජූනි (04) වනදා ආරම්භ කිරීමට නියමිත අතර වැඩි තොරතුරු අවශ්‍ය පාසල් සිසුන් ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ගෙන් විමසිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
පළාත් අධ්‍යාපන බලධාරීන්ට ඊට අදාළ චක්‍රලේඛය යොමුකර ඇති බවත් එම තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද තවදුරටත් සදහන් කරයි.