By unusuma.lk on
(LK time)අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
අද (10) දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.
අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකළ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බැංකු ගිණුම් දෙකක් තහනම් කිරීමට නියෝග කළේය.