ආණ්ඩුව තවදුරටත් මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි පවසන්නේ නම් තම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් පරිත්‍යාග කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ප්‍රශ්නය බාධාවක් ලෙස සදහන් කරන්නේ නම් ඊට විසඳුමක් ලෙස මන්ත්‍රී දීමනාව හරි අඩකින් හෝ සියයට 75% කින් පරිත්‍යාග කිරීමට සූදානම් බව අනුර කුමාර දිසානායක සදහන් කරයි.
පළාත් පාලන ආයතන නියෝජිතයන් අට දහයේ සිට හාරදහස දක්වා අඩු කිරීමටත්, මන්ත්‍රීවරුන්ට ගෙවන සියලු දීමනා හරි අඩකින් අඩු කිරීමටත් තමන් යෝජනා කරන බවද අනුර කුමාර දිසානායක සදහන් කරයි.