ඇප මුදල් භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්නට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක රැලියක් අමතමින් සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“ඡන්දේ තියන්න සල්ලි නෑ. ඡන්දේ තිබ්බොත් බෙහෙත් නෑ. ඡන්දේ තිබ්බොත් තෙල් නෑ කියනවා නේද. ඡන්දේ තියන්න යන්නේ රුපියල් බිලියන 8යි. සීනි බදු වංචාව බිලියන 15යි. සීනි බදු වංචාවෙන් විතරක් ඡන්ද දෙකක් තියන්න පුළුවන්. උඹලා ඡන්දයක් තියා ගන්න බැරි තරමට මේ රට වැට්ටුවා නම් යන්නම ඕනේ.
ඒ නිසා ඡන්දේ තියන්නම ඕනේ. ආර්ථිකය හොඳට තියෙනවා නම් ටිකක් හිතන්න තිබුණා. කමක් නෑ තව මාස 2ක් 3ක් ගියාට කියලා. මුදල් බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා ඡන්දෙට සල්ලි දෙන්න කියලා. දැන් පුළුවන්ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදි ඉන්න.
භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතා කරන බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් ඇති කළොත් අවුරුදු 3ක් හිරේ. මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා… මම කියලා යන්නේ. නීල් හපුහින්න ඇරියානේ ලියුමක් දිසාපතිවරුන්ට ඇප මුදල් භාර ගන්න එපා කියලා.
ඡන්දෙට බාධා කිරීමක්. හරියට නඩු අහනවා ජතික ජන බලවේග ආණ්ඩුව ඇතුලේ. අවුරුදු 3ක් හිරේ. අපේ පොලිස් මහත්වරුන්ටත් එක්ක. ක්‍රියාත්මක කරන්න එපා නීතිවිරෝධී නියෝග. මැතිවරණයකට බාධා කිරීම අවුරුදු 3ක් හිරේට යන වරදක්.”