ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට කොමිෂන් සභා වාර්තා අනුව නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
රජයේ දේපළ අවභාවිතා කර ඇති බවට එල්ල වූ චෝදනා මත අනුර කුමාර දිසානායකට එරෙහිව මෙම නිර්දේශ කර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
2015 යහපාලන සමයේදී දුෂන මර්ධන කමිටුවේ අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලද්දේ අනුර කුමාර දිසානායකගේ හිටපු පෞද්ගලික ලේකම් වරයෙක් වූ ආනන්ද විජේපාල නම් අයෙක් බවත් ඔහු 1,200,000 වැටුපක් අවුරුදු තුනක් තිස්සේ ලබා ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
දූෂණ මර්දන කමිටුව පසුගිය 2015 යහපාලන ආණ්ඩුව විසින් පිහිට වූ පසු එහි සභාපති ලෙස කටයුතු කරන ලද්දේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බවද මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.