මැතිවරණය මොකක් වුනත් අපි බය නෑ.. මුහුණ දෙන්න සුදානම්.!

පළමුවෙන් මහ මැතිවරණය.? ජනාධිපතිවරණය.? කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජන බලවේගය සූදානම් බව පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ව්‍යවස්ථාවට අනුව සැප්තැම්බර් (17) ඔක්තෝබර් (17) කාලයේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවත් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක බලය හුවමාරු වීමේ අවස්ථාවක් හෙයින් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේග යන කණ්ඩායම් දෙකම වැඩි කැමැත්තක් මහ මැතිවරණය කෙරෙහි දක්වන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එම පක්ෂවලට විශාල මාධ්‍ය බලයක් ඇති නිසා ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පවත්වන බවට ප්‍රචාර ගෙන යන බවත් රටේ ඇත්ත ප්‍රශ්න වසන් කර වෙනත් ප්‍රශ්න මවමින් ජනතාව කැලෑ පාරවල්වල ගෙන ගොස් මුලා කිරීමට උත්සාහ කරන බවද සදහන් කරයි.

ජනහමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

One thought on “මැතිවරණය මොකක් වුනත් අපි බය නෑ.. මුහුණ දෙන්න සුදානම්.!

  • දොන් -

    මහ මැතිවරණය තිබ්බොත් මුන් අනාථයි!

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement