මැතිවරණයක් පැවැත්වීමට රුපියල් බිලියන 10ක් සොයාගැනීමට බැරිනම්,ඒ තරමටම රට බංකොලොත් කරානම් මේ ආණ්ඩුව ගෙදර යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
භාණ්ඩාරගාරයේ ඇති කෝටි ප්‍රකෝටි ගණන් ධනය විනාශ කළ බවත් ඒ නිසා අනිවාර්යයෙන් මැතිවරණයක් පැවැත්විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සදහන් කරයි.
කිසිදු ජනවරමක් නොමැතිව රටේ ජනතාවගේ කැමැත්තක් නැතිව නායකයන් බලයේ සිටිනා බවත් එයට තවදුරටත් ඉඩදිය නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,
“මේක නිකන් සෝමාලියාවේ හොරු කණ්ඩායමක් නැවක් අල්ලා ගත්තා වගේ.. රටක් අල්ලගෙන ඉන්නවා හොරු කණ්ඩායමක්.. අල්ලගෙන කියනවා ඡන්දය තියෙන්නේ නෑ කියලා.. භාණ්ඩාරගාර හිදිලා කියනවා..”
“මේ ජනාධිපතිවරයාට ජනවරමක් නෑ.. මෙතුමා පාර්ලිමේන්තුවේ 134 තෝරාගත් ජනාධිපතිවරයෙක්.. ඔහු දැක්කා කියනවා ජනතාව බාරදිලා තියනවලු රට හදන්න.. ඔහුට ජනතාව බාරදුන්නේ නැ රට හදන්න.. රට නෙමේ පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නෙත් නෑ..”
“රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් අවශ්‍ය තමන්ට ජනවරමක් නැති බව ජනතාවගේ මැතිවරණය හරහා ඔප්පු වීම වලක්වන්න.. ඒ වැලැක්වීමේ අරමුණ මේ තියෙන්නේ.. ජනතාවට ගේම් ගහලා බලයේ ඉන්න හදන්න එපා.. ජනතාව අනිවාර්යයෙන් තමුන්නාන්සේලාට ගේමක් ගහනවා.”