බන්ධනාගාරය තුළ හදිසි තත්වයක් ප්රකාශ කිරීමට මුල්වූ හේතුවක් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඊයේ දිනයේ (04) වාර්තා විය. අනුරපුර බන්ධනාගායේ රැඳී සිටින රැඳවියෙකු බැලීමට තරුණයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරත ජේලර් නිලධාරීන් දෙදෙනකු සමග අතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අවසානයේ ගැටුමක් හටගෙන තිබේ.
පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ගැටුම මැඩ පවත්වා ඇති අතර එම ගුටි බැට හුවමාරුව අතර තුවාල ලැබු ජේලර්වරයෙකු, රැදවියෙකු හා තවත් පුද්ගලයෙකු රෝහල් ගත කළ බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ සේවය කරනා ජේලර්වරයෙක්, එහි රැදවියෙකු හා පානියන්කඩවල,සාලියපුර පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
පසුව ජේලර්වරුන් මැදිහත් වී රැදවියා බැලිමට පැමිණි තරුණයන් අනුරාධපුර පොලිසියට වෙත භාරකිරීමට කටයුතු කොට ඇත, සැකකරුවන් අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වන අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.