පෞද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ නතර කරගෙන එම බස් රථයේ රියදුරු 17 හැවිරිදි පාසල් සිසුවියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
කුරුණෑගල වෙලගෙදර ක්රීඩාංගණය අසල මෙම බස් රථය නවතා එම පාසල් දැරිය බස් රථය තුලදීම අපයෝජනයට ලක් කල බව එම සිසුවියගේ මව දැනගෙන එම දැරියද සමග බෝගමුව පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව බෝගමුව පොලීසියේ නිලධාරීන් මෙම සිදුවීම කුරුණෑගල පොලිස් බල ප්රදේශයේ සිදුවී ඇති හෙයින් වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල මූලස්ථාන පොලිසියට බාර දී ඇති අතර එම රියදුරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවද සදහන් කරයි.