පුංචි හදවත්වලට පණදුන් යන්ත්‍රය නවතී.. දරුවන් විශාල පිරිසක් අනතුරේ.!⁣

මහරගම අපේක්ෂා රෝහලේ කුඩා ළමුන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වී සති දෙකකට වැඩි කාලයක් ගතව ඇති බව වාර්තා වේ.

එම යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් මේ වනවිට කුඩා ළමුන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර එම දරුවන්ගේ භාරකරුවන්ද මහත් මානසික පීඩනයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය ලියුකේමියා රෝගයට ගොදුරු වූ දරුවන් 10 – 15 ත් අතර සංඛ්‍යාවකට දිනකට ප්‍රතිකාර සිදු කරයි.

එම යන්ත්‍රවල වාර්ෂික සේවා ගිවිසුම් ගතවිම සිදුව නැති බවත් ඒවා සදහා මුදල් ගෙවාගැනීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරයි.

රෝහල සතුව පවතින අනෙක් බොහෝ යන්ත්‍ර සේවා ගිවිසුමි වලින් තොරව ගෙන යන බවත් එයට හේතුව වසර කිහිපයකින් මුදල් ගෙවා නැති බවද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරයි.

යම් හෙයකින් අපේක්ෂා රෝහලේ අනෙකුත් යන්ත්‍ර බිදවැටුනහොත් සම්පුර්ණ සේවාව බිද වැටෙන බවත් එය ඉතාම අනතුරුදායක තත්ත්වයක් බවද තවදුරටත් සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS