රටේ ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් එළඹෙන ජුනි (09) වනදා යළිත් වතාවක් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා දිවයින පුරාම දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
පසුගිය මාස 03ක කාලයක් පුරාම නිහඬව සිටි ජනතා විමුක්ති පෙරමුණ යළිත් දිස්ත්‍රික්ක මට්ටමින් උද්ඝෝෂණ දියත් කිරීමට සැලසුම් කර ඇති අතර අවසානයේදී ආණ්ඩුවට දැනෙන ආකාරයේ දැඩි ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම 2023 වසරේ පසුගිය පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද වත්මන් ආණ්ඩුව විසින් අවස්ථා ගණනාවකදීම මුදල් නැති බව දන්වා මැතිවරණය කල්දැමීමට කටයුතු කළේය.