ඇලෝෂියස් බන්ධනාගාර ක්ලීනින් පාටියේ වැඩ.!

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කෙරුණු අතර ඔවුන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කර ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර වැඩ අංශයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක වෙන වෙනම ඔවුන් දෙදෙනා මේ වන විට රඳවා සිටින බව වාර්තා වෙයි.

සෑම දිනකම ඔවුන් දෙදෙනා පෙරවරු 8ට පමණ ද එම වාට්ටු දෙකෙන් පිටතට ගනු ලබන බවත් පස්වරුවේ 3.30 පමණ තෙක් ඔවුන් දෙදෙනා ද වැඩ අංශයේ කටයුතු කරන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයේ සුළු රාජකාරි ඔවුන්ට පැවරී ඇති බවත් ඒ අනුව ඔවුන්ට වැඩ අංශය අතු ගැම සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනා බවත් වාර්තා වෙයි.

බන්ධනාගාර වෛද්‍යවරයා විසින් මේ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගමේ අනිත් නිලධාරීයා පරීක්ෂා කර ඇති අතර ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවට වෛද්‍යවරයා සහතික කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Loading