By unusuma.lk on
(LK time)ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කළේය.
ඒ වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවයි.
මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම තීරණය ලබාදෙන ලදී.
අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණේ අදාළ බදු මුදල් වහාම ගෙවා දමනා ලෙසයි.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම දඬුවම නියම කළේය.