රටේ මනුෂ්‍ය ඝාතන කිරීම් සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ අද අත්අඩංගුවට ගෙන ඇත.
අවිස්සාවේල්ල අධිකරණ සංකීරණය අසල මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳීසිටියදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් මෙම සැකකරුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.