ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින්ට පෝලිම්වල නොසිට කඩිනමින් සිය සේවාවන් ඉටුකර ගැනීමට හැකි බව පවසමින් මුදල් ලබාගත් තවත් තැරැව්කරුවන් තිදෙනෙකු (25) අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
එම තැරැකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට පැමිණිලි ලැබී ඇති බවත් අමාත්‍යවරයාගේ නියෝග පරිදි බුද්ධි අංශ සමග ඒකාබද්ධව මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද සදහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගත් එම තැරැව්කරුවන් තිදෙනා සමග ගතවූ දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් මුළු තැරැව්කරුවන් සංඛ්‍යාව 19ක් බවද පොලීසිය සදහන් කරයි.