බික අශේන්ගේ දියවන්නා සිහිනය බොඳ වෙයි.!

ජනප්‍රිය යූ ටියුබ්කරුවකු සහ බිරියානි ව්‍යාපාරිකයෙකු වන අශේන් සේනාරත්න පවසන්නේ තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු චෝදනා කරන්නේ වැරදි පුද්ගලයකු නාමයෝජනා පත්‍ර භාරදුන් බව පවසමින් මැතිවරණ කොමිසම එය ප්‍රතික්ෂේප කළ බවයි.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දූෂිත බවට චෝදනා කරනා අශේන් සේනාරත්න පවසන්නේ තමා එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

තමන් කණ්ඩායමේ නායකයා ලෙස පැමිණ සිටි අතර තමාට එළිමහනේ රැඳී සිටින ලෙස ද දැනුම්දුන් නිසා එසේ සිටියදී වෙනත් අපේක්ෂකයකුට නාමයෝජනා පත භාරදීමට සිදුව ඇති බව ඔහු පවසයි.

කෙසේවෙතත් නාමයෝජනා භාරදීමට බලය ඇත්තේ කුමන පුද්ගලයන්ටද යන්න මැතිවරණ පනතේ සඳහන් වන බවත් ඊට අනුකූල නොවීම නුසුදුස්සෙකු වීමට හේතුවක් බව මැතිවරණ කොමිසම පවසයි.

Loading

4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments