මේ මොහොතේ ආණ්ඩුව විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකිණීමකට හෝ ප්‍රතිව්‍යුහගත කිරීම නොකර කිසිදු මුදලක් අය නොකොට තුන්වන පාර්ශ්වයකට පවරා දීමට යන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමය සදහන් කරයි.
මෙය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මංකොල්ලකෑමක් බවත් අද වන විට හමුදාව පොලීසිය යොදවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල සදහන් කරයි.
වෘත්තීය සමිති නායකයන්ව අමාත්‍යවරයා විසින් වලකට දමා සිරකොට අද වන විට ‘සැපද’ කියා අසන තත්ත්වයකට පත්ව ඇති බවද අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල සදහන් කරයි.