ජනපති රනිල් ඔයා සජබෙට එක්වන්න.. ලොකු තනතුරක් දෙන්න අපි සුදානම්.!

විපක්ෂ සමගි ජන බලවේගය සමග එක් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කරයි.

පාර්ලිමේන්තු එක් මන්ත‍්‍රිවරයෙකු පමණක් සිටින එජාප පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය ගැනීමට තම පක්ෂය සුදානම් නැති බවත් රනිල් වික්‍රමසිංහ කැමතිනම් සජබ නියෝජ්‍ය නායක ධුරය භාරගෙන තම පක්ෂය හා එක් විය හැකි බවද අශෝක අබේසිංහ සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අශෝක අබේසිංහ මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close