හිටපු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.
පසුගිය දා ආශු මාරසිංහගේ පෙම්වතිය වන ආදර්ශා කරඳනගේ සුරතල් සුනඛයා ලිංගික හිංසනයට ලක්කර ඇති බවට චෝදනා එල්ල කරමින් වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.
තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආදර්ශා කරඳන සමග මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ත්ව අපයෝජනය පිළිබඳව ආශු මාරසිංහ වෙත චෝදනා එල්ල කළේය.
එම බලපෑමෙන් අනතුරුව ජනාධිපති උපදේශක ධුරයෙන් මහාචාර්ය ආශු මාරසිංහ පසුගියදා ඉල්ලා අස්විය.