පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය ජනවාරි 01 වනදා කළුතර හෝටලයක පැවති උත්සවයක් අතරතුර දී පුද්ගලයෙකු විසින් පහරකෑමට ලක්වූ එම 14 හැවිරිදි දැරියට විවාහ යෝජනාවක් සිදුකර ඇත.
එයට අකමැතිව එම 14 හැවිරිදි දැරිය එම පුද්ගලයා තල්ලුකර බැනවැදී ඇති අතර එම අවස්ථාවේදී දැරියගේ ඥාතීන්ද එයට මැදිහත් වී බහින්බස් වී එම ආරවුල දුරදිග ගොස් ඇත.
උත්සවය අවසානයේදී එම දැරියව ඥාතීන් විසින් නිවසට ඇරලවා සුළු වේලාවක දී වාහන හා යතුරුපැදිවලින් විශාල පිරිසක් එම නිවසට පැමිණ ඇත.
අනතුරුව කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිස නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පැනගොස් ඇත.
වයස අවුරුදු 70ක් වන දැරියගේ සීයා පහරදීම වැළැක්වීමට ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුටද කඩු ප්‍රහාරයක් එල්ල වී බරපතළ තුවාල ලබා ඇති බවත් දැරියගේ පියාටද එම අවස්ථාවේදී කඩුවලින් කපා බරපතළ තුවාල සිදුකර ඇත.
මේ වනවිට එම පිරිසෙන් පුද්ගලයින් සිව්දෙනෙක් සහ යතුරුපැදියක් වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන අරඹා ඇත.