Unusuma Writer

1443 Posts
හිටපු අගමැති හසීනාගේ බලපත්‍ර අවලංගු කරයි.!

හිටපු අගමැති හසීනාගේ බලපත්‍ර අවලංගු කරයි.!

බංග්ලාදේශයේ ආගමන හා විදේශ ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුව පුද්ගලයන් 97 දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් ජූලි මාසයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ ඝාතනවලට සම්බන්ධ බවට චෝදනා කරමින් විදේශ ගමන් බලපත්‍ර අවලංගු කර ඇති අතර එම ලැයිස්තුවට හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ද ඇතුළත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයන් අතර 22 දෙනකු බලහත්කාර අතුරුදන් කිරීම් වලට සම්බන්ධ වන අතර හසීනා ඇතුළු 75 දෙනෙකු ඝාතන සම්බන්ධ චෝදනා වලට මුහුණ දෙන බව බංග්ලාදේශ නායක යුනුස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් අබුල් කලාම් අසාද් සදහන් කරයි.

ජනවාරි (06) වැනිදා රටේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (CT) පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.

ඒ අතර ෂෙයික් හසීනා, ඇගේ හිටපු ආරක්ෂක උපදේශක (විශ්‍රාමික) මේජර් ජෙනරාල් තාරික් අහමඩ් සිද්දික් සහ හිටපු පොලිස්පති බෙනාසීර් අහමඩ් ඇතුළත් වේ.

මෙම වරෙන්තු අවාමි ලීග් ආණ්ඩුවේ 15 වසරක පාලන සමයේදී සිදු කරන ලදැයි කියනු ලබන නීති විරෝධී ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ සිද්ධි වලට අදාළ වේ.

ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන 2025 පෙබරවාරි (12) දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලැබී ඇත.

මේ වන විට මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු අගමැතිනි හසීනාට එරෙහිව නඩු දෙකක් ගොනු කර ඇතත් ඇය තවමත් සිටින්නේ ඩකාහි නීතිමය සීමාවෙන් ඔබ්බෙහි ඉන්දියාවේය.

රට තුළ භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ඉඩ දෙන්නේ නෑ.!

රට තුළ භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ඉඩ දෙන්නේ නෑ.!

රටේ ජනතාව තුළ තවදුරටත් භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ජාතික ජන බලවේග පාලන කාලය තුළ ඉඩ දෙන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

අමාත්‍ය අනිල් ජයන්ත සදහන් කළේ,

“එම භීතිය සමාජය තුළත්, ආර්ථිකය තුළත් පසුගිය කාලය තුළ දකින්න ලැබුණා. ඉදිරියටත් අපි මිථ්‍යාවන් සමාජගත කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපේ ක්‍රමවේදය සාර්ථකව ඉදිරියට ගෙන යනවා.

අපේ නිවැරදි ක්‍රම වේදය තුළ සෝඩා බෝතලය කැඩුවා වගේ මැජික්, මිථ්‍යාවන් දකින්න බැරි වෙනවා. සීනි බදු වලට රුපියල් 50ක් තිබූ එක රුපියල් 25ට බැස්සුවා. එහිදී වංචා පිළිබඳ චෝදනා එල්ල වුණා.

වෙළෙඳපොළේ කරන පුංචි විජ්ජාවන් තුළින් ආර්ථිකය හසුරුන්න නොවෙයි, අපි ක්‍රම වේදයකට අනුව ආර්ථිකය හසුරුවන්න කටයුතු කරනවා. ඒ නිසා ආර්ථිකයක සැබෑ ප්‍රතිඵලය දවසින් දෙකෙන් දකින්න බැහැ. අපේ ආණ්ඩුවට තවම මාස කිහිපයයි.

ඒක කවුරුත් දන්නවා. පිළිගන්නවා. මේ ටික කාලයේදී ගත්ත ක්‍රියාමාර්ගවල මහා විශාල ආර්ථික පුනරුදයක් වෙන්න බැහැ. එහෙම වෙලා නැහැ. අවුරුදු 70 ගණනක බිඳ දමපු ආර්ථිකයක් මාස 2 කින් පුනරුදයක් වුණා කියලා අපි කියන්නේ නැහැ.”

ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂවරු 8ක් සැගවෙයි.. අල්ලන්න හොයයි.!

ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂවරු 8ක් සැගවෙයි.. අල්ලන්න හොයයි.!

නීති විරෝධී මූල්‍ය ජාවාරමක් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් එහි තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී වෙත පසුගියදා දැන්වීය.

“ඉසිමග ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්” නමැති මූල්‍ය ජාවාරමට හසු වූ පුද්ගලයන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණය හමුවේ සදහන් කරයි.

මෙම මූල්‍ය ආයතනය හරහා සිදුව ඇති වංචාව කොතෙක් ද යන්න පිළිබඳව හෝ මූල්‍ය වංචාවට හසුව ඇති තැන්පත් කරුවන් සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය කරගෙන නොමැති බවත් අදාළ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එම තොරතුරු අධිකරණයට දැනුම්දීමට අවශ්‍ය පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ සදහන් කරයි.

අමෙරිකාවේ ඛේදවාචකය.. ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවයි.!

අමෙරිකාවේ ඛේදවාචකය.. ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවයි.!

අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.

මේ වනවිටත් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුලු ගොඩනැගිලි 10,000කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වන අතර 180,000 කට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ගිනි නිවන භටයින්ට ගින්න මැඩපැවැත්වීම සදහා ප්‍රමාණවත් ජලය නොමැති බවට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ල වී ඇති අතර ලැව්ගිනි හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් තාවකාලික නවාතැන්වල රඳවා ඇත.

පැතිර යන ලැව්ගිනි හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මේ වනවිට මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිහිදන් කළ කළු අතීතය නලින්ද ගොඩ අදී.. ආණ්ඩුවෙන් විශේෂ මෙහෙයුමක්.!

මිහිදන් කළ කළු අතීතය නලින්ද ගොඩ අදී.. ආණ්ඩුවෙන් විශේෂ මෙහෙයුමක්.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පළිගැනිමට හා තර්ජනයට හා හිංසනයට ලක් වූ කළු අතීතය වැනි තත්ත්වයක් නැවත මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය කාලයේ පුරා පැවති ආණ්ඩු කිහිපයක් තුළ පීඩාවට පත් සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්ති හා සාධාරණය ඉටු කිරීමටත් එකී අකටයුතුකම් සිදු කළ චූදිතයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පසුබට නොවන බවත් ආණ්ඩුවේ මාධ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිය පිළිබඳ ඇතැමුන් ඉදිරිපත් කරන විවේචනාත්මක කරුණු බලය ගිළිහුණු අයගේ උමතු ප්‍රකාශ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳව රටට සත්‍ය තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ට අත්වූ ඉරණම සිහිපත් කරන අමාත්‍යවරයා, ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් පිරිසක් අතුරුදන් කිරීම වැනි සිදුවිම් සිය නිවේදනයෙන් සිහිපත් කරයි.

කීත් නොයාර්, උපාලී තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහර කෑමට සිදු වූ අතර ජිවිතාරක්ෂාව පතා ඇතැමුන්ට රටින් පළා යැමට සිදු වූ බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් සදහන් කරයි.

මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම්, සීල් තැබීම්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම්, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් මෙන්ම බෝම්ම ගැසීම් රාජපක්ෂ අවිචාර පාලන සමයේ සුලබ සිදුවිම් බවත් පසුගිය 2006 සිට 2015 ජනවාරි දක්වා මාධ්‍යවේදීන් 13ක් ඝාතනය වූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතුරුදන්විමත් 87 දෙනෙකු පහරකෑමට ලක්වීමත් පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී පහර දීමත් ඒ පිළිබඳව සාක්ෂි විනාශ කිරීමත්, පීඩාවට පත් සියළු දෙනාට යුක්තිය හා සාධාරණය ඉටු කිරිමටත් එම අකටයුතුකම් කළ චූදතයින් නීතිය ඉදිරියට ගෙන ඒමට සියළු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඉන්දීය ආරක්ෂක උපදේශක නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි.!

ඉන්දීය ආරක්ෂක උපදේශක නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි.!

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අතර හමුවක් කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණ.

මෙම සුහද හමුව අතරතුර ජනවාරි (26) වන දින ඉන්දියාවේ 76 වන ජන රජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කළ අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිලිබඳවද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කළහ.

තවද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ අතර දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කළ අතර ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සදහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර අගය කළ අතර මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සදහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කළේය.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කල් පවතින මිත්‍රත්වය සහ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කළේය.

බියර් මිල වැඩිවන්නේ මෙහෙමයි.!

බියර් මිල වැඩිවන්නේ මෙහෙමයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකට මුදල් අමාත්‍යවරයා ලෙස ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) දිනයේ සිට ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සදහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක් වන අතර මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සදහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752කි.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විදෙස් මත්පැන් සදහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සදහා රුපියල් 7,969ක බද්දක් පනවා ඇති අතර මධ්‍යසාර කාණ්ඩ 9ක් සදහා අය කෙරෙන බදු අද දිනයේ සිට සංශෝධනය කර ඇත.

නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් වැඩිකර ඇති අතර රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක් රුපියල් 109කින් වැඩිකර ඇත.

පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 109කින් වැඩිකර ඇත.

සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිකර ඇති අතර සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිකර ඇති අතර දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල රුපියල් 100කින් වැඩිකර ඇත.

මීගමුව හිරගෙදරින් ආණ්ඩුවට සල්ලි.!

මීගමුව හිරගෙදරින් ආණ්ඩුවට සල්ලි.!

මීගමුව බන්ධනාගාරයේ දූෂණ, වංචා, අක්‍රමිකතා නතර කර රජයේ ඒකාබද්ධ අරමුදලට පසුගිය වසරේ රුපියල් කෝටි 4ක මුදලක් ඉතිරි කර දුන් බව එහි සහකාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු සදහන් කරයි.

මේ හේතුවෙන් සිරකරුවන්ගේ ආහාර වේලට සෑම ඉරිදා දිනයකදීම ෆ්‍රයිඩ් රයිස් ආහාර වට්ටෝරුවක් සකස් කර ඇති බවද එහි සහකාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු සදහන් කරයි.

රිමාන්ඩ් සිරකරුවන් 1700ක් පමණ සිටින අතර සෑම රාජකාරියක්ම කිරීම සදහා යෙදවිය හැකි නිලධාරීන් සිටිනුයේ 150ක් තරම් සුළු සංඛ්‍යාවක් බවත් දෛනික සලාකය, පොල්කටු, ගෑස්, දර, ඉන්ධන ඇතුළු දේ තුළින් මෙම මුදල ඉතිරිකර ගත් බවද සදහන් කරයි.

නීති විරෝධී ජංගම දුරකථන ඇතුළු මත්ද්‍රව්‍ය නොමැති එකම බන්ධනාගාරය මෙය වීම විශේෂත්වයක් බවද සහකාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු සදහන් කරයි.

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන්ගෙන් මරණ වරෙන්තු.!

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන්ගෙන් මරණ වරෙන්තු.!

ඉන්දියානු ධීවරයන් උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් ඇල්ලීමේදී දැල්වලට පැටලෙන සහ ට්‍රෝලර් යාත්‍රාවල ගැටීමෙන් අනතුරට ලක්වන කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් මේ වනවිට උතුරු මුහුදට ගොඩගසන බව උතුරේ ධීවර සංගම් සදහන් කරයි.

ගෙවී ගිය මාසයක පමණ කාලය තුළදී යාපනය කෂුරිනා, කෝවලන් සහ කරෙයිනගර් මුහුදු තීරවලට මියගිය කැස් බෑවුන් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති අතර තුවාල ලැබූ කැස්බෑවුන්ද විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබූ බව යාපනයේ ධීවරයෝ සදහන් කරයි.

ඉන්දියානු ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රාවල දැල් ආම්පන්න විශාල බැවින් එම යාත්‍රාවල ගැටෙන කැස්බෑවුන් දෛනිකව මුහුදු තීරයන්ට ගොඩ ගැසීම වැඩි වී ඇති අතර මේ පිළිබඳව කිසිදු බලධාරියකු පියවර ගෙන නොමැති බවද යාපනයේ ධීවරයෝ සදහන් කරයි.

මේ අතර මුහුදු තීරවලට ගොඩගසා සිටින කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් නාවික හමුදා සෙබළුන් මෙන්ම ධීවරයන් විසින් බේරාගෙන මුහුදට මුදාහරිනු ලබයි.

ලංකාවේ ඉතිහාසය රාත්‍රියටත් විවෘතයි.!

ලංකාවේ ඉතිහාසය රාත්‍රියටත් විවෘතයි.!

මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සදහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී ඇත.

ඒ අනුව ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය පළමුව තෝරාගෙන ඇති බව බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සදහන් කරයි.

We are happy to invite you.