ඇවන්ගාඩ් සමාගමට ඇඩ්රස් නැතිවෙන ලකුණු.!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේය් අදහස් දක්වමින් කියාසිටියේ මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලාංකීයයින් යුක්‍රේන රුසියානු යුද්ධය සඳහා කුලී හේවායින් ලෙස අලෙවි කරමින් සිටින්නේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සමාගම ඩිලාන් සහ සුරේෂ් නම් දෙදෙනකු විසින් මෙහෙයවමින් සිටින බවත්, නමුත් එම සමාගම මෙරට ක්‍රියාත්මක වන සමාගමමද නැතිනම් එරට ඇති වෙනම සමාගමක් දැයි තමන් නොදන්නා බවද පැවසය.

කෙසේ නමුත් ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් මෙරට රණ විරුවන් රුසියාව සඳහා කුලී හේවායන් ලෙස විකුණා දමමින් සිටිනා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය මේ වන විට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එරට යුද්ධයට සම්බන්ධ වී සිටින බවත් ඉන් පිරිසක් මිය ගොස් ඇති බව තවත් පිරිසක් තුවාල වී ප්‍රතිකාර ලබාගත නොහැකිව අසරණ වී සිටිනා බවයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement