හෙට දිනය අවදානම්.. රටම රත්වෙයි.!

හෙට (21) දිනයේ දිස්ත්‍රික්ක 08ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හා මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එනිසා නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ රඳවා නොයන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

හෙට දිනයේ ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල  සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close