අද මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල අවසන්.!

පසුගිය 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුවද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කළේය.

රටේ පළාත් පාලන ආයතන නීතියට අනුව අද (19) දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතුව ඇති අතර එහෙත් ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි විය.

එනිසා පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිතය.

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close