බිළිඳු දරුවන් අනතුරේ.. දෙමාපියන්ට දැනුම්දීමක්.!

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් මව්පියන් ප්‍රමිතියෙන් තොර බාල සබන් වර්තමානයේ තම බිළිඳුන් සඳහා භාවිතා කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා සදහන් කළාය.

එහි බලපෑම ඇතිවන්නේ අනාගතයේදී බවත් ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බවද ප්‍රියංගනී සුසංගිකා සදහන් කළාය.

භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා තවදුරටත් සදහන් කළේ,

“අපිට මේ දවස්වල වාර්තා වෙලා තියෙනවා දරුවන්ගේ ඇඟේ යම් යම් අසාත්මිකතා. මේ ගැන හොයලා බලනකොට අපිට තේරුණ එක දෙයක් තමා ප්‍රමිතියෙන් තොර බාල බිළිඳු සබන් භාවිතා කිරීමෙන් තමා මේ තත්ත්වය ඇති වෙන්නේ කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මලාට තමන්ගේ දරුවන්ගේ සබන් පාවිච්චි කිරීමේ දී සැලකිලිමත් වෙන්න ඕන.

විශේෂම කාරණය තමා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් පාවිච්චි කරන්න කියන එක. බිළිඳු සම ඉතාම සංවේදී තැනක්. ඒ නිසා අද නෙමෙයි මෙහි ඵළවිපාක ඇති වෙන්නේ වසර ගණනාවකින්. ඒ නිසා විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය එසේ වුවත් මේ ගැන සැලකිලිමත් වෙන්න.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close