මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් පසුගිය වසරේදී එකතු කරන ලද බදු ප්රමාණය රුපියල් කෝටි 86000 ක් බවද දේශීය ආදායම් කොමසාරිස් ඩී.ආර් එච් හපුආරච්චි සදහන් කරයි.
මෙම වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත් එම බදු මුදල රුපියල් කෝටි 60,300 ක් බවද සදහන් කරයි.
පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි අනු දෙදහස් දෙසීයක බදු මුදල් ප්රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද දේශීය ආදායම් කොමසාරිස්වරයා සදහන් කරයි.