ශ්රී ලංකාවේ ගුවන්තොටුපලකින් හා වරායකින් මෙරටින් පිටවන පුද්ගලයන් සඳහා බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත.
එහෙත් මත්තල ගුවන්තොටුපල හරහා මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් වලට ආරම්භ කළ දිනයේ සිට වසර දෙකක කාලයක් එම බද්දෙන් නිදහස් කර ඇත.
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව මෙරටින් පිටව යන ඕනෑම තැනැත්තෙක් ඇමරිකානු ඩොලර් 30 හෝ 60ක අපගමන බද්දක් ගෙවිය යුතුය.
