බදුලු අනතුරේ වීරයන් ඇගයේ.!

පසුගියදා බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද අඹගහඔය ප්‍රදේශයේදි සිදුවු මාරක බස් අනතුර අවස්ථාවේ දී, කඩිනමින් මැදිහත්ව උදව් උපකාර සිදුකළ පුද්ගලයින් සහ ආයතන අගයමින් ප්‍රශංසා සහතික ලබාදීමට පියවර ගෙන ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑම සහ රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින්ට උදව් උපකාර කළ පුද්ගලයින් මෙලෙස ඇගයීමට පාත්‍ර කළ බව වාර්තා වෙයි.

ඌව පළාත් ආණ්ඩුකාර ජේ. එම්. කපිල ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් මම ඇගයීම් සහතික පත්‍ර ලබා දී තිබේ.

අදාළ ස්ථානයට වහා දිවගොස් සිරවී සිටි රෝගීන් එළියට ගෙන රෝගීන්ට කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු දසදෙනකු ද ප්‍රසංශා සහතික පත් ලද අය අතර වේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ශිෂ්‍යයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර තිබු අතර මේ වනවිට ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.