දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් වයසැති දැරියක් එම දේවාලය තුළ දී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන දේවාලයේ කපුවා පොලිසිය විසින් (14) අත්අඩංගුවට ගෙන ඇත.
අපලයක් දුරු කිරීම සදහා ශාන්ති කර්මයක් කර ගැනීමට දොම්පේ දේවාලයකට පියා විසින් එම දැරිය රැගෙන ගොස් ඇති බව අනාවරණය වු බව දොම්පේ පොලිසිය සදහන් කරයි.
එම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කර ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කපුවෙක් බවද සදහන් කරයි.
එම කපුවාගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවේම පවසා ඇති අතර ඔහු ඒ ගැන නොසලකා මග හැර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් හෙළි වීමෙන් පසු එම දැරියගේ පියාද දොම්පේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.