බෑන් කී මූන් ශ්‍රී ලංකාවට.!

එළඹෙන පෙබරවාරි මස මුල් සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රසිංහගේ ආරාධනයකට අනුව බෑන් කී මූන් දිවයිනට පැමිණෙන බවත් එළඹෙන පෙබරවාරි මස 07 වනදා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇත.

බෑන් කී මූන් එළඹෙන පෙබරවාරි මස 6 වනදා දිවයිනට පැමිණෙන අතර තිරසර සංවර්ධනයට අදාළව මෙන්ම දේශගුණික විපර්යාස වලට අදාළව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට බෑන් කී මූන් දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close