එරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය ආධාර නොලැබුණහොත් තව සති දෙකක්වත් රට ඉදිරියට ගෙන යන්නට බැරි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
නිදහසෙන් පසු විදෙස් රටවලින් ශ්‍රී ලංකාව ණය ආධාර ගත් බවත් අනතුරුව ඒවා ගෙවාගැනීමට නොහැකි වු නිසා ලංකාව තවත් පහතට වැටි ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,
“අපි ලෝකයේ හමුවේ ණය ගෙවන්න බැරි රටක් හැටියට නඩු පවරන තැනට පත්වෙලා. එකට එක ජනාධිපතිවරයෙක්, එක අගමැති වරයෙක්, එක දේශපාලකයෙක් වගකියන්න බෑ.
නිදහසෙන් පස්සේ වගේම විශේෂයෙන් 77 න් පස්සේ අපි ලෝකෙන් ණය ගත්තා. ඒවා ගෙවන්න බැරි වුණාම සල්ලි අච්චු ගැහුවා.මේක දිගින් දිගටම කළා. ඒ නිසා මේකට එක්කෙනෙක් වගකියන්න බෑ.”
ලංගම රියදුරන් වෙනුවෙන් පැවති වැඩසටහනක් අතරතුරදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.