අපි ගෙනාපු නායකයෝ අපිටම කෙලිනවා.. බැසිල් ඇයි ඔයා කට වහගෙන.!

පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු නායකයන් ජාතික සම්පත් විකුණද්දි කට වසාගෙන සිටීම වැරදි බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර සඳහන් කරයි.

ඇමති කාංචන විජේසේකරගේ අත්තනෝමතික වැඩකටයුතු හමුවේ බැසිල් රාජපක්ෂ ඇතුළු නායකයන් කට වසා ගෙන නොසිටිය යුතු බවද සභාපති බන්දුල සමන් කුමාර සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවත් මෙම ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ පාර්ශවයක් ලෙස තෙල් සංස්ථාව රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද සභාපතිවරයා සදහන් කරයි.

තෙල් සංස්ථාව රැක ගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ග දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව ක්‍රියාත්මක වන බවත් මේ ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක් මෙහි නැතැයිද සභාපතිවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close