රජයේ බංගලා ප්‍රේතයෝ අරක්ගෙන.. යන්නම බෑ කියයි.!

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා නැවත අමාත්‍යංශය වෙත බාරදී ඇත්තේ තිදෙනෙකු පමණක් බවයි.

පසුගිය රජය විසින් එම රජයේ හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා නිකුත් කර තිබු රජයේ බංගලා සංඛ්‍යාව 50ක් බව වාර්තා වෙයි.

ඒ අතරින් තවත් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු නිවාස බාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බව පැවසේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය විසින් සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට රජයේ බංගලා නැවත අමාත්‍යංශය වෙත බාර දෙන ලෙසට දෙවන සිහිකැඳවීමද නිකුත්කළ බව වාර්තා වේ.

ඉදිරි සතිය තුළ නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට නඩු පැවරීමට කටයුතු කරනා බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement