ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (24) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පවතින මට්ටමේ සිට නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50% සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50% සීමාවේත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.
තවද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතින බවද මහ බැංකු නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.