මහ බැංකුව අනුපාතය පහළ දමයි.!

බලපත්‍රලාභී වාණිජ බැංකුවල (LCB) සියලුම රුපියල් තැන්පතු වගකීම් සදහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පදනම් ලකුණු 200කින් සියයට 04% සිට 02% දක්වා අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන (16) සිට බලපැවැත්වෙන පරිදි එම සංචිත අනුපාතය අඩු කිරීමට තීරණය කර ඇති බව අද (09) දින මහ බැංකුවේ පැවති මුදල් මණ්ඩල රැස්වීමකදී මේ බව සදහන් කර ඇත.

රුපියල් බිලියන 200ක් පමණ දේශීය මුදල් වෙළෙඳපොළට මුදා හැරිම හරහා වෙළෙඳපොළ අනුපාතිකය තවදුරටත් පහළ දැමීමට හැකි වනු ඇති බවද වාර්තා වේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අපේක්ෂා කරන බවද මහ බැංකුව සදහන් කරයි.

මහ බැංකුව විසින් වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරමින් අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බවද තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close