ජනාධිපති හා ආණ්ඩුව ඡන්දය නවත්වන්න කරන දේවල් නවත්වන්න.. නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.!

රටේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ තැන්පතු භාර නොගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවද සදහන් කරයි.

රටේ ජනතාවට තම නියෝජිතයින් පත් කර ගැනීමට ඇති ස්වෛරි අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා උත්සහයන්, බාධා කිරීම් මෙරට නීතියේ ආධිපත්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව බලවත් ප්‍රහාරයක් බව නීතිඥ සංගමය සදහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට හා ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධාවන කිසිදු පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා හා රජය වැළකි සිටිය යුතු බවද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close