සුරාසැල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන දින කිහිපයකට වසා තැබීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඒ අනුව, රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමත්, මැයි මස (22), (23) හා (24) යන දිනයන්හි සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසැල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2024 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය, මැයි මස (21) වැනිදා සිට මැයි මස (27) වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වෙසක් මහෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.
එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.