ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න බැසිල් රාජපක්ෂ ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහලේකම් සාගර කාරියවසම් අද (11) සදහන් කරයි.
තවද බැසිල් රාජපක්ෂ යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.
යුද්ධයෙන් පසුව රටේ දිළිදු ජනතාව නඟා සිටුවීමට අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණුවන රට වලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කල බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
බැසිල් රාජපක්ෂ මේ රටට ඉතා සුදුසු නායකයෙක් බවත් ඔහුට විරුද්ධව පසුගිය කාලයේ චෝදනා කර නඩු පැවරුවද ඒ සියලු නඩුවලින් ඔහු නිදොස්කොට නිදහස් වූ බවද මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.