මෙම 2023 වසරේ සංචාරකයින්ට ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව එක් කර ඇත.
ෆෝබ්ස් සඟරාව සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත රටවල් 23 නම් කර ඇති අතර සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරා ඇත.
ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, මහනුවර, අලි අභයභුමිය සහ යාල ජාතික වනෝද්‍යානය විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථාන බව ජුලියානා බ්‍රොස්ටේ සදහන් කර ඇත.
තවද සංචාරකයින්ට කෙටි දුරක් ගමන් කර නැරඹිය හැකි ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් සංචාරය කිරීමට සුදුසු රටක් ලෙස හැදින්විය හැකි බවද ජුලියානා බ්‍රොස්ටේ පෙන්වා දී ඇත.